T20 World Cup : ලෝක ශූර ඉන්දීය සංචිතය නිවේදනය කෙරේ

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නිවේදනය කර තිබෙනවා.

සූර්යකුමාර් යාදව්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

වත්මන් විස්සයි 20 ලෝක ශූරයින් වන ඉන්දීය කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයට ෂුබ්මන් ගිල් හා ජිටේෂ් ෂර්මා නම් කර නොමැති අතර, ඉෂාන් කිෂන් හා රින්කු සිං ඊට නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි 7 වැනිදා සිට මාර්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

India’s squad for T20 World Cup 2026:

Suryakumar Yadav (c), Abhishek Sharma, Tilak Varma, Hardik Pandya, Shivam Dube, Axar Patel (VC), Jasprit Bumrah, Arshdeep Singh, Varun Chakravarthy, Kuldeep Yadav, Harshit Rana, Sanju Samson (wk), Washington Sundar, Ishan Kishan, Rinku Singh.

top
Comments (0)
Add Comment