T20 WC : සහභාගීත්වය අවිනිශ්චිතයි කියා පාකිස්තානය ලෝක කුසලාන සංචිතය නම් කරයි – ප්‍රබලයෙක් ඉවතට

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

ඒ, තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කිරීමත් සමග තරගාවලිය සදහා පාකිස්තානයේ සහභාත්වය ද අවිනිශ්චිතව ඇති පසුබිමකයි. පාකිස්තාන රජය සමග සාකච්ඡා කර ඒ පිළිබද අවසන් තීරණය ගන්නා බව එරට ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi සදහන් කළා.

ජනවාරි 29 වැනිදා ආරම්භ වන ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි 20 තරගාවලිය සදහා නම් කෙරුණු 16 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතය හා සැසදීමේදී මෙම සංචිතයට එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් වසීම් සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් එළඹෙන ලෝක කුසලානයට නම් කර නොතිබීම විශේෂත්වයක්.

බිග් බෑෂ් තරගාවලියේදී සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වීමට අපොහොසත් වූ බාබර් අසාම් ලෝක කුසලාන සංචිතයේ ඉඩක් වෙන් කර ගෙන තිබෙනවා.

වේග පන්දු යවන්නන් ලෙස ශහීන් ශාහ් අෆ්රිඩි, සල්මන් මිර්සා හා නසීම් ශාහ් සංචිතයට ඇතුළත්. සල්මන් ආගාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට දග පන්දු යවන්නන් ලෙස ඇතුළත්ව ඇත්තේ ශඩාබ් ඛාන්, මොහමඩ් නවාස්, අබ්‍රාර් අහ්මඩ් හා උස්මාන් තරික්.

ලෝක කුසලාන තරගාවලිය යටතේ පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදීයි. ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය පෙබරවාරි 7 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව කොළඹදී පැවැත්වීමට නියමිතයි.

Pakistan T20 World Cup squad

Salman Agha (c), Abrar Ahmed, Babar Azam, Faheem Ashraf, Fakhar Zaman, Khawaja Nafay (wk), Mohammad Nawaz, Salman Mirza, Naseem Shah, Sahibzada Farhan (wk), Saim Ayub, Shaheen Shah Afridi, Shadab Khan, Usman Khan (wk) Usman Tariq

top
Comments (0)
Add Comment