T20 ලෝක කුසලානයේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් මෙන්න – හිතා ගන්න බැරි ගාණකින් පහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය අද ආරම්භ කළා.

තරගාවලිය නැරඹීමේ අවස්ථාව වැඩි පිරිසකට ලබා දීමේ අරමුණින් ප්‍රවේශ පත්‍ර මිල ගණන් විශාල ලෙස අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඉන්දීය හා ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 6:45 ට ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ වුණා.

ඉන්දියාවේ ඇතැම් ක්‍රීඩාංගණ සඳහා ප්‍රවේශ පත්‍ර මිල ගණන් ඉන්දීය රුපියල් 100 න් (ආසන්න වශයෙන් ඩොලර් 1.11) ද, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා රුපියල් 1,000 න් (ආසන්න වශයෙන් ඩොලර් 3.26) ද ආරම්භ වනවා.

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පෙබරවාරි 8 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත මූලික වටයේ තරගයේ ප්‍රවේශ පත්‍ර රුපියල් 1,000, 3,000, 5,000 හා 7,500 යන මිල ගණන් යටතේ අලෙවි කෙරෙනවා.

ශ්‍රී ලංකාව හා ඕමානය අතර පෙබරවාරි 12 වැනිදා පල්ලේකැලේදී පැවැත්වෙන තරගයේ ප්‍රවේශ පත්‍ර අලෙවි වන්නේ රුපියල් 1,000, 4,000 හා 5,000 යන මිල ගණන යටතේයි.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පෙබරවාරි 16 වැනිදා පැවැත්වෙන තරගය ද පල්ලේකැලේහීදී පැවැත්වෙන අතර, එම තරගයේ ප්‍රවේශ පත්‍ර ද රුපියල් රුපියල් 1,000, 4,000 හා 5,000 යන මිල ගණන යටතේ අලෙවි වනවා.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරගය පෙබරවාරි 19 පැවැත්වෙන්නේ ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදීයි. එම තරගයේ ප්‍රවේශ පත්‍ර රුපියල් 1,000, 3,000, 5,000 හා 7,500 යන මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිතයි.

tickets.cricketworldcup.com වෙබ් අඩවිය හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි. පළමු අදියරේදී ප්‍රවේශ පත්‍ර මිලියන දෙකක් අලෙවි කිරීමට නියමිත අතර, දෙවැනි අදියරේ ප්‍රවේශ පත්‍ර අලෙවිය පිළිබද තොරතුරු ඉදිරියේදී ප්‍රකාශ කරනු ඇති.

තරගාවලිය පෙබරවාරි 7 වැනිදා සිට මාර්තු 8 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.

big
Comments (0)
Add Comment