2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් කැනඩාව පරදා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය මෙරට වේලාවෙන් අද(2) පෙරවරුවේ සමත් වුණා.
ඇමෙරිකාවේ ඩලස්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇමෙරිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කැනඩාව පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 194 ක් ලබා ගනිමින්.
Navneet Dhaliwal පන්දු 44 කින් ලකුණු 61 ක් රැස් කළ අතර, Nicholas Kirton ලකුණු 51 (31) ක් ලබා ගත්තා. Shreyas Movva නොදැවී ලකුණු 32 (16) යි.
පන්දු යැවීමේ දී Ali Khan, Harmeet Singh හා Corey Anderson කඩුල්ල බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමෙරිකාව පන්දුවාර 17.4 ක් අවසානයේ දී කඩුලු 3 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.
Steven Taylor ලකුණු නොලබා දැවී ගිය අතර, Monank Patel ලකුණු 16 යි. තෙවැනි කඩුල්ල සදහා Andries Gous හා Aaron Jones ලකුණු 131 (58) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කර දුන්නා.
Andries Gous පන්දු 46 කින් ලකුණු 65 ක් රැස් කළා. Aaron Jones පන්දු 40 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 94 ක්. හයේ පහර 10 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
පන්දු යැවීමේ දී Kaleem Sana, Dilon Heyliger හා Nikhil Dutta කඩුල්ල බැගින් දවා ගත්තා.