එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සූදානම් වීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කණ්ඩායම් තුනකගේ සහභාගීත්වයෙන් පුහුණු තරගාවලියක් සංවිධාන කර තිබෙනවා.
තරගාවලිය හෙට(2) සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
තරගාවලියට එක්වන කණ්ඩායම් තුන Yellow, Green, හා Red ලෙස නම් කර ඇති බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.
සෑම කණ්ඩායමකම සංචිතයක් සදහා ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්. වනිදු හසරංග විසින් ‘Yellow,’ කණ්ඩායම ද, චරිත් අසලංක විසින් ‘Red’ කණ්ඩායම ද, ජනිත් ලියනගේ විසින් ‘Green.’ කණ්ඩායම ද මෙහෙයවීමට නියමිතයි.
තරග කාලසටහන
- 02 May 2024 Team Yellow v Team Red – 7pm
- 04 May 2024 Team Red v Team Green – 7pm
- 05 May 2024 Team Yellow v Team Green – 7pm
- 08 May 2024 Team Red v Team Yellow – 10am
- 10 May 2024 Team Green v Team Red – 10am
- 11 May 2024 Team Green v Team Yellow – 10am