මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගීතය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(23) එළි දැක්වීමට කටයුතු කළා.
Live The Game යනුවෙන් මෙම නිල ගීතය නම් කර තිබෙනවා.
ඉන්දියාවේ Amit Trivedi විසින් මෙම ගීතය නිර්මාණය කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.
නිල ගීතය ඇතුළත් 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රචාරක පටයට විරාට් කෝලි, කිරන් පොලාඩ්, ග්ලේන් මැක්ස්වෙල් හා රෂිඩ් ඛාන්ගේ රූප ඇතුළත් නිර්මාණයක් සකස් කර තිබෙනවා.
මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී ලබන 17 වනදා ආරම්භ වීමට නියමිතයි.
නිල ගීතය පහතින් නරඹන්න –
🎵 Let the world know,
This is your show 🎵Come #LiveTheGame and groove to the #T20WorldCup anthem 💃🕺 pic.twitter.com/KKQTkxd3qw
— ICC (@ICC) September 23, 2021