එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන අයර්ලන්තය සංචිතය අද(8) එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.
Andrew Balbirnie ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
මීට පෙර ඔවුන් පසුගිය මස 9 වැනිදා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර තිබුණා.
ඊට ඇතුළත්ව සිටි Shane Getkate, Graham Kennedy හා Barry McCarthy ට අද ප්‍රකාශයට පත් කෙරුණු අවසන් සංචිතයේ ස්ථානයක් හිමිව නොමැති අතර, ඔවුන් තිදෙනා අතිරේක ක්‍රීඩකයින් ලෙසයි අයර්ලන්ත සංචිතයට එක්වන්නේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී ලබන 17 වනදා ආරම්භ වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අයර්ලන්තය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 20 වනදායි.
The squad: Andrew Balbirnie (c), Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Josh Little, Andrew McBrine, Kevin O’Brien, Neil Rock, Simi Singh, Paul Stirling, Harry Tector, Lorcan Tucker, Ben White, Craig Young.
Head Coach: Graham Ford.
Reserve players: Shane Getkate, Graham Kennedy, Barry McCarthy.