T 20 ලෝක කුසලානයේ තරග කාලසටහන නිකුත් කෙරේ; ශ්‍රී ලංකාව 18 වැනිදා තරග බිමට

2021 අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද(17) නිවේදනය කෙරුණා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත තරගාවලියේ පළමු තරගය ඔක්තෝබර් 17 වැනිදා පැවැත්වෙන්නේ ඕමානය හා පැපුවා නිව් ගිනියාව අතරයි.

ඕමාන ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ දී එම තරගය පැවැත්වීමට නියමිත බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

මෙවර තරගාවලියේ පළමු වටයේ තරග සදහා ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කිරීමට නියමිත ඇති අතර, ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අයර්ලන්තයට එරෙහිව 20 වැනිදා ද, තෙවැනි තරගය නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරග දෙක අබුඩාබි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, තෙවැනි තරගය සාජාහී දී පැවැත්වෙන බව අයි.සී.සී සදහන් කළා.

තරගාවලියේ දී සුපිරි 12 වටයේ තරග දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගයකින් ආරම්භ වන්නේ අබුඩාබි ක්‍රීඩාංගනයේ දී යි.

නොවැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලියේ සත්කාරක අයිතිය තවදුරටත් හිමිව ඇත්තේ ඉන්දීය ක්‍රිකට් ආයතනයටයි.

බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් පසුවන ඉන්දු – පාකිස්තාන තරගය ඔක්තෝබර් 24 වැනිදා ඩුබායි හී දී පැවැත්වෙන බව තරග කාලසටහනෙහි දැක්වෙනවා.

කණ්ඩායම් කාණ්ඩගතව ඇති අයුරු හා තරග කාලසටහන –

The groupings:

Round 1

Group A: Sri Lanka, Ireland, the Netherlands and Namibia
Group B: Bangladesh, Scotland, Papua New Guinea and Oman

(Top two teams from each group advance to Super 12s)

Super 12s

Group 1: England, Australia, South Africa, West Indies, A1 and B2.
Group 2: India, Pakistan, New Zealand, Afghanistan, A2 and B1.

(Top two teams from each group advance to the semi-finals)

Complete schedule:

Round 1

17 Oct: Oman v Papua New Guinea, Muscat (14h00); Bangladesh v Scotland, Muscat (18h00)

18 Oct: Ireland v Netherlands, Abu Dhabi (14h00); Sri Lanka v Namibia, Abu Dhabi (18h00)

19 Oct: Scotland v PNG, Muscat (14h00); Oman v Bangladesh, Muscat (18h00)

20 Oct: Namibia v Netherlands, Abu Dhabi (14h00); Sri Lanka v Ireland, Abu Dhabi (18h00)

21 Oct: Bangladesh v Papua New Guinea, Muscat (14h00); Oman v Scotland, Muscat (18h00)

22 Oct: Namibia v Ireland, Sharjah (14h00); Sri Lanka v Netherlands, Sharjah (18h00)

Super 12s

23 Oct: Australia v South Africa, Abu Dhabi (14h00); England v West Indies, Dubai (18h00)

24 Oct: A1 v B2, Sharjah (14h00); India v Pakistan, Dubai (18h00)

25 Oct: Afghanistan v B1, Sharjah (18h00)

26 Oct: South Africa v West Indies, Dubai (14h00); Pakistan v New Zealand, Sharjah (18h00)

27 Oct: England v B2, Abu Dhabi (14h00); B1 v A2, Abu Dhabi (18h00)

28 Oct: Australia v A1, Dubai (14h00)

29 Oct: West Indies v B2, Sharjah (14h00); Pakistan v Afghanistan, Dubai (18h00)

30 Oct: South Africa v A1, Sharjah (14h00); Australia v England, Dubai (18h00)

31 Oct: Afghanistan v A2, Abu Dhabi (14h00); India v New Zealand, Dubai (18h00)

1 Nov: England v A1, Sharjah (18h00)

2 Nov: South Africa v B2, Abu Dhabi (14h00); Pakistan v A2, Abu Dhabi (18h00)

3 Nov: New Zealand v B1, Dubai (14h00); India v Afghanistan, Abu Dhabi (18h00)

4 Nov: Australia v B2, Dubai (14h00); West indies v A1, Abu Dhabi (18h00)

5 Nov: New Zealand v A2, Sharjah (14h00); India v B1, Dubai (18h00)

6 Nov: Australia v West Indies, Abu Dhabi (14h00); England v South Africa, Sharjah (18h00)

7 Nov: New Zealand v Afghanistan, Abu Dhabi (14h00): Pakistan v B1, Sharjah (18h00)

8 Nov: India v A2, Dubai (18h00)

Knock-out stage

10 Nov: Semi-final 1 (A1 v B2), Abu Dhabi (18h00)

11 Nov: Semi-final 2 (B1 v A2), Dubai (18h00)

14 Nov: Final, Dubai (18h00)

WORLD NEWS
Comments (0)
Add Comment