T 10 ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන ඉහළට

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 4ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඒ, කෙවින් කොත්තිගොඩ ද තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා මරාත ඇරබියන්ස් කණ්ඩායම විසින් තෝරා ගැනීමත් සමගයි.

පසුගිය වසරේ දී ඔහු බංග්ලා ටයිගර්ස් කණ්ඩායමයි නියෝජනය කළේ.

ඔහුට අමතරව මතීෂ පතිරණ (Bangla Tigers), මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් (Northern Warriors) යන ක්‍රීඩකයින් ද මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කරනු ඇති.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඉතා කාර්ය බහුල තරග කාලසටහනක් මෙම වසරේ දී පවතින බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය විසින් ක්‍රීඩකයින් රැසකට අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා දී නැහැ.

මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 28 වනදා සිට පෙබරවාරි 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

SRI LANKA NEWS
Comments (0)
Add Comment