ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තරගයක් බවට පත් වූ ඉන්දු – පාකිස්තාන තරගය ඊයේ (28) රාත්‍රියේ නිමාව දුටුවේ ඉන්දියාවට කඩුලු 5 ක ජයක් හිමි කර දෙමින්.
අවසන් පන්දුවාරය දක්වාම ඇදී ගිය මෙම තරගය හයේ පහරකින් අවසන් කරමින් පාකිස්තානය ඉදිරියේ ඉන්දියාවට තවත් ජයග්‍රහනයක් ඉතිහාසයට එක් කිරීමට හර්දික් පාන්ඩ්යා සමත් වුණා.
තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබූ ඔහු පන්දු යැවීමේ දී ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත් අතර, පිතිකරණයේ දී පන්දු 17කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 33ක්.
ලොව පුරා මිලියන ගණනකගේ අවධානය යොමු වූ මෙම තරගයට පෙර සිදු වූ එක්තරා සිදුවීමක් මේ වන විටත් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව ඇති බවක් දක්නට ලැබෙනවා.
තරගාවලියේ නිල විකාශන අයිතිය හිමි ඉන්දියාවේ Star Sports මාධ්‍ය ආයතනය අතින් සිදු වූ අත්වැරදීමක් හේතුවෙන් තරගය ආරම්භයට පෙර යම් උණුසුම් තත්ත්වයක් ඇති වනු දක්නට ලැබුණා.
මෙම තරගයේ දී ද Star Sports වෙනුවෙන් ප්‍රධාන නිවේදිකාව ලෙස කටයුතු කළේ ජනප්‍රිය ක්‍රීඩා නිවේදිකාවක වන මයන්ති ලැන්ගර්.
පාකිස්තාන හිටපු සුපිරි වේග පන්දු යවන්නෙකු වන වසීම් අක්‍රම් විස්තර විචාරකයෙකු ලෙස මෙම තරගයට එක්ව සිටි අතර, තරගයට පෙර Star Sports ගෙන ආ විචාරක වැඩසටහනට ද ඔහු එක් වුණා.
තරගයේ කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක Star Sports විසින් නිල වශයෙන් නිවේදනය කිරීමේ දී පාකිස්තාන කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා නිවැරැදිව සටහන් නොකිරීම හේතුවෙනුයි මෙම අර්බුදය හට ගැණුනේ.
හසන් අලී මෙම තරගය සදහා ක්‍රීඩා නොකළ නමුත්, ඔහුගේ නම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ඇතුළත් කිරීමට Star Sports කටයුතු කර තිබුණා.
ශහ්නවාස් දහානි වෙනුවටයි ඔහුගේ නම වැරැදීමකින් ඇතුළත් කිරීමට Star Sports කටයුතු කර තිබුණේ.
ඊට වසීම් අක්‍රම් සජීවී වැඩසටහන තුළ දී ම දැඩි විරෝධයක් එල්ල කළා.
රූපවාහිනී තිරය මත දක්නට ලැබෙන්නේ නිවැරැදි පාකිස්තාන කණ්ඩායම දැයි පළමුව ප්‍රශ්න කර සිටි වසීම් අක්‍රම් අනතුරුව කැමරාකරණයේ නිරත වන Star Sports කැමරාශිල්පීන් දෙස අත දිගු කරමින් බැන වදින ආකාරයක් සජීවීව දක්නට ලැබුණා.
සුළු වේලාවකට පසුව නිවේදිකා මයන්ති ලැන්ගර් ජංගම දුරකතනයක් බලා, පාකිස්තාන කණ්ඩායම නිවේදනය කිරීමේ දී පළමුව සිදු වූ වරද නිවැරැදි කිරීමට කටයුතු කළ අතර, අනතුරුව නිවැරැදි පාකිස්තාන කණ්ඩායම සටහන් වූ එම ජංගම දුරකතනය වසීම් අක්‍රම් වෙත ලබා දීමට ද කටයුතු කළේ කෝපයෙන් සිටි ඔහුව සැනසවීමේ අරමුණින්.
කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී ද සිය අප්‍රසාදය තවදුරටත් සජීවීවම ප්‍රකාශ කිරීමට වසීම් අක්‍රම් පසුබට වූයේ නැහැ.
“මාව සතුටින් තියන්න එපා, රූපවාහිනියේ වැරැදි කණ්ඩායමක් දාපු ඒ මිනිහව සතුටින් තියන්න. මේක දැවැන්ත තරගයක්, ඒක සුළු වැරැද්දක් නෙවෙයි.” යනුවෙන් වසීම් අක්‍රම් එම අවස්ථාවේ දී සදහන් කළා.
දර්ශන පහතින් නරඹන්න –
Wasim Akram fumes, blasts STAR SPORTS #INDvPAK #AsiaCup2022 pic.twitter.com/wpt2oEp5zp
— Himalayan Guy (@RealHimalayaGuy) August 28, 2022
වැරැදි ලෙස නිවේදනය කෙරුණු පාකිස්තාන කණ්ඩායම –