SSC බේරා ගන්න ශ්‍රී ලංකා ප්‍රබලයින් තිදෙනෙක් විදෙස් ලීගයක් අතරමග අත්හැර දිවයිනට

චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු හා දසුන් ශානක සිය International League T20 කොන්ත්‍රාත් ගිවිසුම් අතරමග අත්හැර දමමින් යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව newswire වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ, මේජර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන එස්.එස්.සී කණ්ඩායම පහළ ස්ථරය (Tier) දක්වා ඇද වැටීමේ අවධානමෙන් ගලවා ගැනීමේ අරමුණින්.

මේ වන විට තරග පහක් ක්‍රීඩා කර කිසිදු තරගයක් ජය ගෙන නොමැති එස්.එස්.සී කණ්ඩායම B කාණ්ඩයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේයි.

ඒ අනුව ඉතිරි තරග ජය නොගතහොත් ඔවුන්ට මීළග තරග වාරයේදී පහළ ස්ථරය දක්වා පහතට ඇද වැටීමට සිදු වීමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.

ඒ හේතුවෙනුයි චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු හා දසුන් ශානක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 තරගාවලිය අත්හැර යළි දිවයිනට පැමිණ මේජර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඔවුන් තිදෙනා හෙට(31) දිනයේදී මුවර්ස් ක්‍රීඩා සමාජය සමග පැවැත්වෙන තරගය සදහා ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව සදහන්.

top
Comments (0)
Add Comment