එංගලන්ත පාපන්දු කණ්ඩායමේ කලමනාකරු ධුරයෙන් Gareth Southgate ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ, මෙවර යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ දී ස්පාඤ්ඤය හමුවේ එංගලන්තය පරාජයට පත් වූ පසුබිමකයි.
වසර 8ක කාලයක් ඔහු කලමනාකරු ධුරයේ කටයුතු කළ අතර, ඔහුගේ කොන්ත්‍රාත් කාලය ලබන දෙසැම්බර් මාසය දක්වා වලංගු වී පැවතුණා.
එමෙන්ම එංගලන්ත පාපන්දු සංගමයට (FA) 2026 පාපන්දු ලෝක කුසලානය දක්වා ඔහුව අදාළ ධූරයේ රදවා ගැනීමට ද අවශ්‍ය වී තිබූ බව සදහන්.
53 හැවිරිදි Southgate එංගලන්තය වෙනුවෙන් තරග 57 ක් ක්‍රීඩා කර තිබූ අතර, තරග 102 කදී ඔහු කලමනාකරු ලෙස කටයුතු කළා.
2016 වසරේ දී අදාළ ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ඔහුගේ ධූර කාලය තුළ දී එංගලන්තය 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වාත්, 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වාත්, 2020 හා 2024 යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියන්හි අවසන් මහා තරගය දක්වාත් සුදුසුකම් ලබා ගත්තා.