ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(26).
ඊයේ දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 81 ක් ලබා සිටියා. ඒ, අයර්ලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 492 ට පිළිතුරු වශයෙන්.
නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 41 ක් හා දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 39 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ දිනය සදහා තරගය නියමිත වේලාවට පෙර නිමා කෙරුණා.
ඒ හේතුවෙන් අද දිනයේ දී පෙරවරු 10:00 ට තරගය ආරම්භ නොවන අතර, මිනිත්තු 15 කට පෙර, එනම් 09:45 ට තරගය ආරම්භ කිරීමට නියමිතයි.