ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු රෝහල් ගත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඔහු පපුවේ ආසාදනයකින් පෙළීම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ඒ අනුව හෙට(27) ඉන්දියාව සමග පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය සදහා වන තේරීම් වෙනුවෙන් ඔහුව සලකා බැලීමට නොහැකි වනු ඇති.
ඔහුව රෝහල්ගත කිරීම නිසා අවශ්‍ය වුවහොත් කණ්ඩායමට කැදවීමේ අරමුණින් රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතයට කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.
මීට පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් දුෂ්මන්ත චමීරට ද ඉන්දියාවට එරෙහි තරගාවලි අහිමි වූ අතර, නුවන් තුෂාර ද ආබාධයකට ලක් වීම හේතුවෙන් විස්සයි 20 තරගාවලියෙන් ඉවත් කෙරුණා.