SL v PAK : ධනංජයත් කැදවමින් වෙනස්කම් රැසක් සමග ශ්‍රී ලංකා T20 සංචිතය නිවේදනය කෙරේ

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග හෙට(7) ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කර තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් නම් කර ඇති සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

ධනංජය ද සිල්වා, හිටපු නායක චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ යන ක්‍රීඩකයින් යළි සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 21 හැවිරිදි දග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙවීන් මැතිව් ද සංචිතයට ඇතුළත්.

භානුක රාජපක්ෂ, පවත් රත්නායක, විජයකාන්ත් වියස්කාන්ත් හා අසිත ප්‍රනාන්දු සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන විස්සයි 20 තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර, තරගාවලිය දඹුල්ලේදී පැවැත්වීමට නියමිතයි.

දෙවැනි විස්සයි 20 තරගය එළඹෙන 9 වැනිදා ද, තෙවැනි තරගය එළඹෙන 11 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

The squad

1) Pathum Nissanka
2.) Kamil Mishara
3.) Kusal Mendis
4.) Kusal Perera
5.) Dhananjaya de Silva
6.) Charith Asalanka
7.) Dasun Shanaka – Captain
8.) Janith Liyanage
9.) Kamindu Mendis
10.) Wanindu Hasaranga
11.) Dunith Wellalage
12.) Maheesh Theekshana
13.) Dushan Hemantha
14.) Traveen Mathew
15.) Dushmantha Chameera
16.) Matheesha Pathirana
17.) Nuwan Thushara
18.) Eshan Malinga

big
Comments (0)
Add Comment