අද(11) පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට(12) දිනය දක්වා කල් දැමීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
ඒ, තරගය පැවැත්වීමට නියමිතව තිබූ ජොහැනස්බර්ග් හි වොන්ඩරස් ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයේ පවතින වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්.
SA 20 තරගාවලියේ පළමු අදියරේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ඇත්තේ Pretoria Capitals කණ්ඩායම හා Sunrisers Eastern Cape කණ්ඩායමයි.
ජොහැනස්බර්ග් ප්‍රදේශයට පසුගිය දිනවලදී දිගින් දිගටම වර්ෂාව සහිත කාළගුණ තත්ත්වයක් පැවැති නමුත්, ඉරිදා දිනයේ දී එම ප්‍රදේශයට යහපත් කාළගුණ තත්ත්වයක් පවතිනු ඇති බවට අනාවැකි පලවී තිබෙනවා.
අවසන් මහා තරගය එරට වේලාවෙන් පස්වරු 1.30, එනම් මෙරට වේලාවෙන් පස්වරු 5 ට ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.