SA 20 තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 4 ක් දක්වා ඉහළට

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට හිමිව තිබෙනවා.

ඔහු SA20 තරගාවලියේ තෙවැනි අදියරේදී Paarl Royals කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි එංගලන්තයේ ජේකබ් බෙතෙල් වෙනුවට දුනිත් එම කණ්ඩායමට ආදේශ කර තිබෙනවා.

බෙතෙල්ට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සිදුව තිබීම නිසා ඔහු එළඹෙන SA20 තරගාවලියට ක්‍රීඩා නොකරන බව සදහන්.

මීට පෙර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ද දුනිත් වෙල්ලාලගේ රෝයල්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය සහිත Barbados Royals කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන SA20 තරග වාරය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 4 ක්.

මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ Joburg Super Kings කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත අතර, නුවන් තුෂාර MI Cape Town කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

2025 SA20 තරගාවලිය ජනවාරි 9 වැනිදා සිට පෙබරවාරි 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

big 3top
Comments (0)
Add Comment