රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම නවසීලන්තයේ ටිම් සයිෆර්ට් සමග ගිවිසුම්ගත වී තිබෙනවා.
ඒ, එම කණ්ඩායම නියෝජනය කරන එංගලන්තයේ ජේකබ් බෙතෙල් මැයි 24 වැනිදා යළි සිය රට බලා පිටත්ව යාමට නියමිතව ඇති බැවින්.
RCB කණ්ඩායම මැයි 23 වැනිදා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග තරගයක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන් අනතුරුවයි බෙතෙල් එංගලන්ත ජාතික සංචිතය සමග එක්වීමේ බලාපොරොත්තුවෙන් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත්වන්නේ.
ඒ අනුව මේ වන විට සිදු කර ඇති ක්‍රීඩක ආදේශ කිරීම මැයි 24 වැනිදා සිට බලාත්මක වනවා.
ඉන්දීය රුපියල් කෝටි දෙකක ගිවිසුමක් යටතේයි ටිම් සයිෆර්ට් RCB පිල සමග ගිවිසුම්ගත වී ඇත්තේ.
සයිෆර්ට් නවසීලන්තය වෙනුවෙන් විස්සයි 20 ජාත්‍යන්තර තරග 66 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1,540 ක්.