RCB නායකත්වය යළි කෝලිට ? ඩු ප්ලෙසිස් කණ්ඩායමෙන් ඉවතට විසි වන ලකුණු

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිට යළිත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ නායකත්වය හිටපු නායක විරාත් කෝලිට හිමි වීමට නියමිතව ඇති බව Times Of India වාර්තා කර තිබෙනවා.

2022 වසරේ සිට 2024 වසර දක්වා කාලයේ දී RCB කණ්ඩායමේ නායකයා ලෙස ෆෆ් ඩු ප්ලෙසිස් කටයුතු කළ නමුත්, ඔහු මේ වන විට 40 වන වියේ පසුවන බැවින් එළඹෙන තරග වාරය වෙනුවෙන් RCB කණ්ඩායම විසින් ඔහුව සංචිතයේ රදවා නොගැනීමට ඉඩ ඇති බව සදහන්.

ඒ අනුව යළි නායකත්වය භාර දීම සම්බන්ධයෙන් කෝලි හා කණ්ඩායම් කලමනාකාරීත්වය අතර සාකච්ඡා මේ වන විටත් පවත්වා ඇති බවයි Times Of India වාර්තා කර ඇත්තේ.

මෙතෙක් එක් අයි.පී.එල් ශූරතාවයක් හෝ දිනා නොමැති බැංගලූරු කණ්ඩායම‍ 2013 වසරේ සිට 2021 වසර දක්වා මෙහෙයවනු ලැබුවේ ද විරාත් කෝලි විසිනුයි.

ඔහුගේ නායකත්වය යටතේ RCB කණ්ඩායම අයි.පී.එල් තරගාවලි 4ක අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර, 2016 වසරේ දී අනුශූරතාවය ද දිනා ගත්තා.

RCB කණ්ඩායමේ නව නායකයා ලෙස ගුජරාට් ටයිටන්ස් නායක ෂුබ්මන් ගිල් කණ්ඩායමට මිලදී ගැනීමට ද බැංගලූරු කණ්ඩායම සාකච්ඡා සිදු කර ඇතත්, ෂුබ්මන් ගිල් ටයිටන්ස් කණ්ඩායමේම රැදී සිටීමට තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

2025 අයි.පී.එල් තරගාවලියට අදාළව පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතයේ රදවා ගන්නා ක්‍රීඩකයින් ලැයිස්තුව නිවේදනය කිරීම සදහා තවත් ඉතිරිව ඇත්තේ ද පැය 24 කටත් අඩු කාල සීමාවක්.

top
Comments (0)
Add Comment