ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ 6 වැනි අවම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අද(23) සිදු වුණා.
ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගයේ දී යි.
එම තරගය අද(23) රාත්‍රියේ දී මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ අතර, බැංගලෝර් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනූ හයිදරාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 68කට සීමා වුණේ පන්දුවාර 16.1 ක් තුළදීයි.
Suyash Prabhudessai ලකුණු 15කටත්, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 12කටත් දැවී ගියා.
සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළගා වීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.
අනුජ් රාවත්, විරාට් කෝලි හා දිනේෂ් කාර්තික් ලකුණු නොලබා දැවී ගියා. වනිදු හසරංග ලකුණු 8(19)යි.
පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් ලකුණු 25කට කඩුලු 3ක් හා ටී නටරාජන් ලකුණු 10කට කඩුලු 3ක් දවා ගත්තා.
Match Report : සන්රයිසස් හමුවේ බැංගලෝර් පිලට අන්ත පරාජයක්
— cric fun (@cric12222) April 23, 2022