මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු එළඹෙන 10 වනදා ලාහෝර් නුවර දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ සදහා මේ වන විට ක්‍රිස් ගේල්, ක්‍රිස් ලින්, රෂීඩ් ඛාන් සහ ඩේල් ස්ටෙන් වැඩි ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් ද ඉදිරිපත් වීමට තීරණය කර අවසන්.
ඔවුන් ඇතුළුව ක්‍රීඩකයින් 25ක් ඉහළ වටිනාකමකින් යුත් විදෙස් ක්‍රීඩකයින්ගේ ඛාණ්ඩයට (Platinum category) ඇතුළත් බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.
එනම් ඉසුරු උදාන සහ තිසර පෙරේරා යන ක්‍රීඩකයින් දෙදෙනායි.
ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර සෑම කණ්ඩායමකටම උපරිම වශයෙන් සිය සංචිතයේ ක්‍රීඩකයින්ගෙන් 8 දෙනෙකු රදවා ගැනීමේ අවස්ථාව ද හිමි වනු ඇති.
Platinum category –