පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(18) පැවැත්වෙනවා. ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම හා මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහා තරගය ලාහෝර් හී දී මෙරට වේලාවෙන් රාත්‍රී 7:30 ට ආරම්භ වීමට නියමිතයි.
මුල්තාන් කණ්ඩායම (160/5) අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ අවසන් වටයේ පළමු තරගයෙන් (Qualifier) ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම (76/10) පරදා ලකුණු 84 ක ජයක් වාර්තා කරමින්.
අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator 1 තරගය පැවැත්වුණේ පෙෂාවර් සල්මි කණ්ඩායම (183/8) හා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම (171/6) අතරයි. එම තරගයෙන් ලකුණු 12 ක ජයක් වාර්තා කළ සල්මි කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Eliminator 2 තරගයට සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව Eliminator 2 තරගය ඊයේ රාත්‍රියේ දී පැවැත්වුණේ Eliminator 1 තරගයෙන් ජය ගත් පෙෂාවර් සල්මි කණ්ඩායම හා Qualifier තරගය පරාජයට පත් වූ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම අතරයි.
ලාහෝර් හී දී පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සල්මි කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 171 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලැන්ඩර්ස් පිල ඉනිම නිමා වීමට පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.