PCA සභාපතිධූරය ඔයින් මෝර්ගන්ට

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ (Professional Cricketers’ Association) නව සභාපතිවරයා ලෙස එංගලන්ත හිටපු නායක ඔයින් මෝර්ගන් පත් කර තිබෙනවා.

37 හැවිරිදි මෝර්ගන් 2019 වසරේ දී එංගලන්තයට එක්දින ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා දීම වෙනුවෙන් නායකත්වය ලබා දුන් අතර, 2022 වසරේ දී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නා.

ඔහු එංගලන්තය හා අයර්ලන්තය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 379 ක් ක්‍රීඩා කර තිබෙනවා. එහිදී තරග රටා ත්‍රිත්වයෙන්ම මෝර්ගන් ලකුණු 10,000 කට වඩා වැඩි ප්‍රමාණයක් රැස් කිරීමට සමත් වුණා.

චාර්ලට් එඩ්වර්ඩ්ස් මෙතෙක් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සභාපතිධූරය දැරූ අතර, එම ධූරයට පත් වූ 10 වැනි පුද්ගලයා වන්නේ ඔයින් මෝර්ගන්.

නව තනතුර සම්බන්ධයෙන් ඔයින් මෝර්ගන් පල කළ අදහස් –

“Having been a PCA member for 19 years, it gives me an overwhelming sense of gratitude and honour to be provided this prestigious opportunity.

“As we navigate through an ever-changing landscape of cricket, the role of the PCA is even more critical. We must ensure that the organisation adapts and innovates to safeguard the evolving needs of our players, to enable them to thrive on and off the field.

“I am also looking forward to supporting the Professional Cricketers’ Trust which has always been close to my heart and will hopefully enable me to give something back to the game.”

Comments (0)
Add Comment