එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම නම් කර තිබෙනවා.
තුන් ඉරියව් ක්‍රීඩක ආමර් ජමාල් යළි ටෙස්ට් කණ්ඩායමට කැදවා ඇති අතර, ශහීන් අෆ්රිඩි, නසීම් ශාහ් හා අබ්‍රාර් අහ්මඩ් සෙසු පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට ඇතුළත්.
බංග්ලාදේශය සමග නිමා වූ ටෙස්ට් තරගාවලිය සදහා මෙම ක්‍රීඩකයින් 4 දෙනාටම ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.
පිතිකරණ ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, ඒ අනුව මෑතකදී සැලකිය යුතු දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ අබ්දුල්ලාහ් ශෆික් තවදුරටත් කණ්ඩායමේ රැදී සිටිනවා.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට(7) මුල්තාන් හී දී ආරම්භ වීමට නියමිතයි.
Pakistan XI for 1st Test:
Saim Ayub, Abdullah Shafique, Shan Masood (capt), Babar Azam, Saud Shakeel, Mohammad Rizwan (wk), Salman Ali Agha, Aamer Jamal, Shaheen Afridi, Naseem Shah, Abrar Ahmed.