එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි 20 සංචිතය අද(18) නිවේදනය කෙරුණා.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
සංචිතයෙන් දුනිත් වෙල්ලාලගේ ඉවත් කර තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබන 20 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
තරග සංචාරයට විස්සයි 20 තරග 3 ක් හා එක්දින තරග 3ක් ඇතුළත්. විස්සයි 20 තරගාවලිය දෙසැම්බර් 28 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
Tauranga හීදී හා Nelson හීදී විස්සයි 20 තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, එක්දින තරග පැවැත්වෙන්නේ Wellington, Hamilton හා Auckland හීදීයි. ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙතෙක් නිවේදනය කර නැහැ.
ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය හා තරග කාලසටහන පහතින් –
T20I Squad
1. Charith Asalanka – Captain
2. Pathum Nissanka
3. Kusal Mendis
4. Kusal J. Perera
5. Avishka Fernando
6. Kamindu Mendis
7. Dinesh Chandimal
8. Bhanuka Rajapaksha
9. Wanindu Hasaranga
10. Maheesh Theekshana
11. Jeffrey Vandersay
12. Chamidu Wickramasinghe
13. Matheesha Pathirana
14. Nuwan Thushara
15. Asitha Fernando
16. Binura Fernando
ශ්‍රී ලංකා – නවසීලන්ත කාලසටහන :
- December 28: 1st T20I, Tauranga (11:45 am SLST)
- December 30: 2nd T20I, Tauranga (11:45 am SLST)
- January 2: 3rd T20I, Nelson (5:45am SLST)
- January 5: 1st ODI, Wellington (3:30am SLST)
- January 8: 2nd ODI, Hamilton (6:30am SLST)
- January 11: 3rd ODI, Auckland (6:30am SLST)