මෙතෙක් යෝක්ෂයර් ප්‍රාන්තයේ පාලනයේ පැවැති Northern Superchargers කණ්ඩායමේ කොටස් මිලදී ගැනීමට Sun Group සමත්ව තිබෙනවා.
සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ හිමිකරුවන් වන ඔවුන් Superchargers කණ්ඩායමේ කොටස් 100% ක් මිලදී ගැනීමට එකගතාවයකට එළඹ තිබීම විශේෂත්වයක්.
ඒ අනුව එංගලන්ත ක්‍රිකට් ආයතනය සතු වූ Northern Superchargers කණ්ඩායමේ 49% ක කොටස් ප්‍රමාණය හා යෝක්ෂයර් ප්‍රාන්තය සතු වූ 51% ක කොටස් ප්‍රමාණය මිලදී ගනිමින් එම කණ්ඩායමේ සම්පූර්ණ කොටස් මිලදී ගැනීමට Sun Group සමත්ව තිබෙනවා.
එලෙස සියලු කොටස් මිලදී ගැනීමක් හන්ඩ්‍රඩ් තරගාවලියේ කණ්ඩායම් වෙන්දේසියේදී වාර්තා වූයේ පළමු වරටයි.
පවුම් මිලියන 100 ක ලංසු මුදලක් ඉදිරිපත් කරමින් Sun Group විසින් මෙම කොටස් මිලදී ගැනීම සිදු කර තිබෙනවා.