ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර එළඹෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන බව තරගාවලියේ සංවිධායකයින් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව තරගාවලිය දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන බවයි එල්.පී.එල් තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල මහතා මාධ්‍ය හමුවේ සදහන් කළේ.
තරගාවලිය මීට පෙර අගෝස්තු මාසයේ දී යි පැවැත්වීමට නියමිතව තිබුණේ.
කෙසේ වෙතත්, රට තුළ පවතින ආර්ථිතක අර්බුදය හේතුවෙන් තරගාවලිය කල් දැමීමට පසුගියදා තීරණය කෙරුණා.