ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව එහි පෙරමුණ ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්ව සිටිනවා.
ඔවුන් තරග 5කදී ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 4ක්.
ඒ අනුව කිංග්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු 8ක් හිමිව තිබෙනවා.
දෙවන ස්ථානයේ පසුවන දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම තරග 5ක් ක්‍රීඩා කර ඉන් ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 3ක්.
එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දීමීමට සිදු වූ බැවින් ඔවුන්ට අමතර ප්‍රසාද ලකුණක් හිමිව තිබෙනවා.
ඒ අනුව ප්‍රසාද ලකුණු 7ක් දඹුල්ල කණ්ඩායමට හිමිව ඇති අතර, තරග 6කින් තරග 2ක් ජය ගෙන ඇති ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවනවා.
ඊයේ රාත්‍රියේ පැවැති තරගයෙන් ජය ගැනීමත් සමග කලම්බු ස්ටාර්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.
ප්‍රසාද ලකුණු සටහන –