ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිතව සිටි කිහිප දෙනෙකුම තරගාවලියෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.
ඒ, ඔවුන් මුරුසියේ පැවැති අයි.සී.සී අනුමැතිය හිමි නොවූ ක්‍රිකට් තරගාවලියක් සදහා සම්බන්ධ වී ඇති බවට ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) විසින් පෙන්වා දීම හේතුවෙන්.
ක්‍රීඩා මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ මහනුවර හා කොළඹ කණ්ඩායම්වල හිමිකාරීත්වය ලබා ගෙන තිබූ පාර්ශව සම්බන්ධයෙන් ද අයි.සී.සී ප්‍රශ්න කර ඇති බවයි.
කොළඹ කණ්ඩායමේ හිමිකාරිත්වය ද පසුගියදා සොෆ්ට්ලොජික් සමාගම විසින් හිමි කර ගත්තේ එම ගැටලුව නිසා බව ද ඔහු කියා සිටියා.