LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් 677ක් ලියාපදිංචි වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ කටයුතු (Draft) ලබන 29 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

පසුගිය 7 වනදා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු ද අවසන් කෙරුණු අතර, ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් 677 දෙනෙකු තරගාවලිය සඳහා ලියාපදිංචි වී ඇති බව සදහන්.

ලියාපදිංචි වූ ක්‍රීඩකයින් සුදුසුකම් මත පදනම්ව එල්.පී.එල් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවට ඉදිරිපත් කරනු ඇති.

ලියාපදිංචි වී ඇති විදෙස් ක්‍රීඩකයින් අතරට ඇන්ඩ්‍රි රසල්, ක්‍රිස් ගේල්, ඩාවිඩ් මලාන්, ෂහිඩ් අෆ්රීඩි, ෂොයිබ් මලික්, ෆෆ් ඩු ප්ලෙසිස් වැනි ක්‍රීඩකයින් ඇතුළත් බවයි වාර්තා වන්නේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

SRI LANKA NEWS
Comments (0)
Add Comment