ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සදහා එක්වන තරග නිළධාරීන් පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(23) ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව තරග තීරකවරයෙකු වශයෙන් අයි.සී.සී තරග තීරකවරුන්ගේ ප්‍රධානියා වන රංජන් මඩුගල්ල මහතා සහ විනිසුරුවරයෙකු ලෙස අයි.සී.සී ප්‍රධාන විනිසුරු මඩුල්ල (ICC Elite Panel of Umpires) නියෝජනය කරන කුමාර් ධර්මසේන යන මහත්වරුන් ද එල්.පී.එල් තරගාවලිය සදහා එක් වීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.
LPL Match Referee Panel:
Graeme La Brooy, Ranjan Madugalle, Manoj Mendis, Wendell La Brooy
LPL Umpiring Panel:
Rohitha Kottahachchi, Ravindra Kotttahachchi, Asanga Jayasuriya, Hemantha Botheju, Deepal Gunawardena, Keerthi Bandara, Prageeth Rambukwella, Ruchira Palliyaguruge, Kumar Dharmasena, Raveendra Wimalasiri, Lyndon Hannibal