LPL තරගාවලියට ඉන්දීය ක්‍රීඩකයින් එන්නේ නැහැ – අලුත්ම පුවත මෙන්න

2025 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය ජාතික ක්‍රීඩකයින් ක්‍රීඩා කරන බවට ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කර තිබූ පුවත අසත්‍ය බවට ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් අද දෙරණ වාර්තා කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අපේක්ෂාවෙන් සිටින්නේ මෑතකදි ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගත් ඉන්දීය ක්‍රීඩකයින් බවයි අද දෙරණ වාර්තා කර ඇත්තේ.

මේ වන විට පවතින නීති අනුව ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්ට අයි.පී.එල් හැර වෙනත් විදෙස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට අවසර හිමි වන්නේ නැහැ.

ඒ අනුව මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ඉන්දීය ක්‍රීඩකයින් LPL තරගාවලියට එක්කර ගැනීම සදහා තරගාවලියේ සංවිධායකයින් අපේක්ෂාවෙන් සිටින බව සදහන්.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 6 වැනි අදියර දෙසැම්බර් පළමු වැනිදා සිට 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.

big
Comments (0)
Add Comment