ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන අගෝස්තු 28 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතා ඩේලි නිව්ස් පුවත්පත වෙත අදහස් දක්වමිනුයි මේ බව සදහන් කර ඇත්තේ.
රජය සමඟ සාකච්ඡා කර මේ පිළිබඳව අවසන් තීරණය ගැනීමට නියමිත බව ද හෙතෙම කියා සිටියා.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කරන දිනය අනුව තරගාවලිය පැවැත්වෙන දිනය නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බවයි ප්‍රධාන විධායක නිලධාරීවරයා සදහන් කළේ.