London Spirit නව නායකයා නිවේදනය කෙරේ

නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් Hundred ක්‍රිකට් තරගාවලියේ සෘජුව ගිවිසුම්ගත වූ පළමු විදෙස් ක්‍රීඩකයා බවට පත් වෙමින් London Spirit සංචිතය සමග එක්ව තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ තරගාවලියේදී ඔහු එම කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කිරීමට නියමිතයි.

විලියම්සන් Middlesex කණ්ඩායම ද නියෝජනය කිරීමට නියමිත අතර, ඒ අනුව මාස 4ක පමණ කාලයක් ඔහු එංගලන්තයේ රැදී සිටීමට නියමිතයි.

34 හැවිරිදි විලියම්සන් මීට පෙර Hundred ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කර නැහැ.

2021 වසරේදී Birmingham Phoenix කණ්ඩායම විසින් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී (Draft) ඔහුව තෝරා ගත් නමුත්, පසුව ආබාධයක් නිසා විලියම්සන් එම තරගාවලියෙන් ඉවත් වුණා.

Hundred තරගාවලියේ නව නීතිවලට අනුව සෑම කණ්ඩායමකටම ක්‍රීඩක කෙටුම්පත් කිරීමෙන් පිට සෘජුවම විදෙස් ක්‍රීඩකයෙකු සමග ගිවිසුම්ගත විය හැකි අතර, එම ක්‍රීඩකයා අදාළ සංචිතයට රදවා ගත හැකි ක්‍රීඩකයින් 10 දෙනා අතරට ඇතුළත් විය යුතුයි.

මීට සති කිහිපයකට පෙර Hundred තරගාවලියේ කණ්ඩායම්වල කොටස් අලෙවි කිරීම සදහා පැවැති වෙන්දේසියේදී ඉහළම ලංසු වටිනාකමක් හිමි වූයේ London Spirit කණ්ඩායමටයි. එනම්, පවුම් මිලියන 295 ක වටිනාකමක්. (රුපියල් කෝටි 10,964)

Cricket Investor Holdings Limited විසින් London කණ්ඩායමේ කොටස්වලින් 49% ක් මිලදී ගත්තා. ඉතිරි 51% තවදුරටත් MCC සතුවනවා. ඒ අනුව එම කණ්ඩායමෙන් මිලදී ගත් 49% ක කොටස් වෙනුවෙන් Cricket Investor Holdings Limited සමාගම ගෙවිය යුතු වන මුදල පවුම් මිලියන 145.5 ක්.

Comments (0)
Add Comment