Lanka T10 Super League තරගාවලිය මහනුවරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන Lanka T10 Super League තරගාවලිය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියේ සියලු තරග පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

තරගාවලිය සදහා කණ්ඩායම් හයක් ක්‍රීඩා කරනවා. එනම් Colombo Strikers, Galle Marvels, Hambantota Bangla Tigers, Jaffna Titans, Kandy Bolts හා Negombo Braves යන කණ්ඩායම්.

තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වැනිදා කොළඹ දී සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

සෑම කණ්ඩායමකටම සිය සංචිතය සදහා උපරිම වශයෙන් ක්‍රීඩකයින් 17 දෙනෙකු හා අවම වශයෙන් ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරා ගත හැකියි.

Comments (0)
Add Comment