Lanka T10 Super League : ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹේ – තරගාවලිය දෙසැම්බර් මාසයේ දී

පළමු වරට සංවිධාන කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සදහන් කළේ දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත බවයි.

තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන විදෙස් හා ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින්ට අද(15) පස්වරු 6:00 සිට www.srilankacricket.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකියි. ඔක්තෝබර් 23 වැනිදා පස්වරු 6:00 ට ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් වනවා.

තරගාවලියට කණ්ඩායම් හයක් ක්‍රීඩා කරන බවත්, එක් සංචිතයකට ක්‍රීඩකයින් 17 දෙනෙකු උපරිම වශයෙන් ඇතුළත් කර ගත හැකි බවත් ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා. එම ක්‍රීඩකයින් අතරට විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු ද ඇතුළත් කර ගත හැකියි.

T Ten Sports Management FZC, T TEN Global Sports FZE හා Innovative Production Group FZE විසින් තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කරනු ලබනවා.

Comments (0)
Add Comment