‘Lanka T10’ (ලංකා ටී ටෙන්) නමින් පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියක් ලබන ජූනි මාසයේ දී ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
තරගාවලිය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වීමටයි ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ.
අද(20) පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළා.
තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන්නේ ‘T Ten Sports Management FZC’ යන සමාගම සමග එක්වයි.
Abu Dhabi T10 ලීග් තරගාවලිය සංවිධාන කරනු ලබන්නේ ද එම සමාගමයි.
තරගාවලිය සදහා පිරිමි කණ්ඩායම් 6 ක් හා කාන්තා කණ්ඩායම් 4 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
දින 12 ක් පුරා පැවැත්වෙන තරගාවලියේ එක් කණ්ඩායමක සංචිතයක් සදහා දේශීය ක්‍රීඩකයින්/ක්‍රීඩිකාවන් 10 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින්/ක්‍රීඩිකාවන් 6 දෙනෙකු නම් කළ හැකියි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ද එළඹෙන දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
[…] – Source – […]
[…] ‘Lanka T10’ (ලංකා ටී ටෙන්) නමින් පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියක් ලබන ජූනි මාසයේ දී ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බව පසුගියදා නිවේදනය කෙරුණා. […]