පළමු වරට සංවිධාන කරන ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(27) නිවේදනය කළා.
තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
T Ten Global Sports හා Innovative production Group සමග ඒකාබද්ධව T Ten Sports Management විසින් මෙම තරගාවලිය සංවිධාන කරනවා.
මෙම තරගාවලියට අමතරව ලොව පුරා දක්ෂ ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරන Women’s T10 තරගාවලියක් ද පළමු වරට සංවිධාන කිරීමට අවධානය යොමු කර තිබෙනවා. පිරිමි තරගාවලියට සමගාමීව එම තරගාවලිය පැවැත්වීමට කටයුතු කරනු ඇති.
ලංකා T10 තරගාවලිය සදහා මෙරට ප්‍රධාන නගර කිහිපයක නම් සහිත කණ්ඩායම් 6 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, එය නොවැම්බර් 5 වැනිදායි අවසන් වනවා.
http://ttensports.com යන වෙබ් ලිපිනය ඔස්සේ ක්‍රීඩකයින්ට ලියාපදිංචි විය හැකි අතර, හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද වෙන්දේසියට ඉදිරිපත් වන්නේ නම් එම වෙබ් ලිපිනයට පිවිස ලියාපදිංචි විය යුතුයි.
වත්මන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරනු ඇති.