ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ශර්දුල් තාකූර් සමග ගිවිසුම්ගතව තිබෙනවා.
වමත් වේග පන්දු යවන ක්‍රීඩක මොහ්සින් ඛාන් වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කර ඇත්තේ.
ආබාධයක් හේතුවෙන් මොහ්සින්ට මෙවර අයි.පී.එල් තරගාවලියම අහිමි වන බව අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් අද තහවුරු කළා.
ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලකටයි ශර්දුල් තාකූර් ලක්නව් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇත්තේ.
මීට පෙර ඔහු අයි.පී.එල් කණ්ඩායම් පහක් නියෝජනය කරමින් තරග 95 ක් ක්‍රීඩා කර තිබෙනවා.