​IPL 2024 : 40 වැනි තරගයෙන් පසු අලුත් වූ ප්‍රසාද ලකුණු සටහන

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 40 ක් මේ වන විට පවත්වා අවසන්ව තිබෙනවා.

40 වැනි තරගය ඊයේ (24) රාත්‍රියේ දී දිල්ලි හී දී පැවැති අතර, එම තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා ලකුණු හතරක තියුණු ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් දිල්ලිය කඩුලු 4 ක් දැවී ලබා ගත් ලකුණු 224 ක ලකුණු සංඛ්‍යාව හඹා ගිය ටයිටන්ස් ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 220 ක් පමණයි.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු 8 ක් ලබා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම 7 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තවදුරටත් සිය පළමු ස්ථානය ආරක්ෂා කර ගෙන සිටින අතර, කොල්කටා, හයිදරාබාද් හා ලක්නව් යන කණ්ඩායම් පිළිවෙලින් දෙවැනි, තෙවැනි හා සිව්වැනි ස්ථානවල පසුවනවා.

ප්‍රසාද ලකුණු සටහන –

wpDataTable with provided ID not found!
Comments (0)
Add Comment