2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර සියලු කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගත් ක්‍රීඩකයින් අද(26) නිවේදනය කෙරුණා.
අද පස්වරු 4ට පෙර එලෙස රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ නම් ප්‍රකාශයට පත් කළ යුතු බවටයි තරගාවලියේ සංවිධායකයින් විසින් දැනුම් දී තිබුණේ.
2023 අයි.පී.එල් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 5 දෙනෙකු ක්‍රීඩා කළා. එනම්, වනිදු හසරංග (RCB), භානුක රාජපක්ෂ(PBKS), දසුන් ශානක (GT), මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණයි (CSK).
ඒ අතරින් මතීෂ හා තීක්ෂණ සිය සංචිතයේ රදවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පියවර ගෙන ඇති අතර, භානුක රාජපක්ෂ සංචිතයෙන් නිදහස් කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම වනිදු හසරංග ද සිය සංචිතයෙන් නිදහස් කිරීමටයි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර ඇත්තේ.
ශ්‍රී ලංකා නායක දසුන් ශානක ද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ තවදුරටත් රදවා ගැනීමට පියවර ගෙන නැහැ.