2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ(19) රාත්‍රියේ ඩුබායි හී දී අවසන් වුණේ වාර්තා රැසක් අලුත් කරමින්.
අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් දෙදෙනා මෙවර වෙන්දේසියේ දී බිහි කරමින් නිමා වූ මෙම වෙන්දේසියේ දී සියලු කණ්ඩායම් විසින් ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා වියදම් කළ සමස්ත මුදල් ප්‍රමාණය ඉන්දීය රුපියල් කෝටි 230 ක්.
ක්‍රීඩකයින් 77 දෙනෙකු මිලදී ගැනීම වෙනුවෙන් පැවැති වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 72 දෙනෙකු අලෙවි වුණා. ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු ද ඇතුළත්.
ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටක් වාර්තාගත ඉන්දීය රුපියල් කෝටි 24.75 ක මිලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත් අතර, ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 20.50 ක මුදලකටයි.
වෙන්දේසියේ දී ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් රැසක් අලෙවි වූ නමුත්, තවත් ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙවර වෙන්දේසියේ දී අලෙවි නොවීම ද කැපී පෙනුණා.
වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් හා දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයින්ව ද කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.
වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්ව සිටි දසුන් ශානක, ලහිරු කුමාර හා චරිත් අසලංක යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණේ ද නැහැ.
මේ ආකාරයෙන් වෙන්දේසියේ දී අලෙවි නොවූ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් 20 දෙනෙකු පිළිබදවයි මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ.
- Steve Smith
- Phil Salt
- Josh Inglis
- Josh Hazlewood
- Adil Rashid
- Akeal Hosein
- Ish Sodhi
- Tabraiz Shamsi
- Finn Allen
- Colin Munro
- Rassie Van Der Dussen
- Michael Bracewell
- James Neesham
- Keemo Paul
- Odean Smith
- Matt Henry
- Kyle Jamieson
- Tymal Mills
- Adam Milne
- Luke Wood