IPL වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වුණ දේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියර වෙනුවෙන් අද(18) චෙන්නායිහි පැවැති ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට අවසන්ව තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මිලදී ගැනිමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙකු වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණේ ක්‍රීඩකයින් තිදෙනෙකු පමණයි.

එනම්, කුසල් පෙරේරා, තිසර පෙරේරා සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින්.

නමුත් ඔවුන් සියලු දෙනා අලෙවි වූයේ නැහැ.

මේ වන විට සියලු කණ්ඩායම් විසින් තමන්ට ලබා ගත හැකි විදෙස් ක්‍රීඩකයින් 8 දෙනා මිලදී ගෙන අවසන් බැවින් මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට අවස්ථාව හිමි නොවනු ඇති.

SRI LANKA NEWS
Comments (0)
Add Comment