2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ කටයුතු පසුගිය දින දෙකේදී සෞදි අරාබියේදී සාර්ථක අයුරින් පවත්වා අවසන් කිරීමට තරගාවලියේ සංවිධායකයින්ට හැකි වුණා.
මෙවර වෙන්දේසියේදී ක්‍රීඩකයින් 182 දෙනෙකු අලෙවි වී තිබූ අතර, අලෙවි නොවුණු ක්‍රීඩකයින් ගණන 395 ක්. අලෙවි නොවුණු ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද 13 ක් ඇතුළත්.
මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවූ ප්‍රබල ක්‍රීඩකයින් 25 දෙනෙකු පිළිබදවයි.
ඩේවිඩ් වෝනර්
වෙන්දේසියේදී ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් අලෙවි නොවීම බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් අවස්ථාවක් බවට පත් වුණා. ජූනි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් 38 හැවිරිදි වෝනර් වෙන්දේසියට ඉදිරිපත් වුණේ ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් සහිත කාණ්ඩයෙන්. ඔහුව ඉරිදා දිනයේදී මෙන්ම සදුදා දිනයේදී ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණු නමුත්, කිසිදු කණ්ඩායමක් ඔහුව මිලදී ගැනීමට ඉදිරිපත් වූයේ නැහැ.
ඔහු අයි.පී.එල් තරග 184 කදී ලකුණු 6,565 ක් රැස් කර ඇති අතර, අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ සිව්වැනි වැඩිම ලකුණුලාභියා වන්නේ ඔහුයි. එමෙන්ම වැඩිම අයි.පී.එල් ලකුණු සංඛ්‍යාවක් රැස් කර ඇති විදෙස් පිතිකරුවා වන්නේ ද ඩේවිඩ් වෝනර්. කෙසේ වෙතත්, 2024 අයි.පී.එල් තරගාවලියේ දී ඔහුට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරමින් සාර්ථක පිතිහරඹයක නිරත වීමට හැකියාව ලැබුණේ නැහැ. තරග අටකදී ඔහු රැස් කළේ ලකුණු 168 ක් පමණයි.
ශර්දුල් තාකූර්
වෙන්දේසියේදී අලෙවි නොවූ ප්‍රධානම ඉන්දීය ක්‍රීඩකයා ලෙස ශර්දුල් තාකූර් හැදින්විය හැකියි. ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයෙන් වෙන්දේසියට ඉදිරිපත් වූ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තාකූර්ව මිලදී ගැනීමට කිසිදු ලංසුවක් ඉදිරිපත් වූයේ නැහැ.
පසුගිය වසරේ දී තාකූර් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 9ක් ක්‍රීඩා කළ අතර, එහිදී දවා ගත්තේ කඩුලු 5 ක් පමණයි. අවස්ථා තුනකදී පමණක් පිතිකරණයේ නිරත වූ ඔහු ලකුණු 21 ක් පමණක් එහිදී ලබා ගත්තා. ශර්දුල් තාකූර් 2023 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව මේ දක්වා කිසිදු ජාත්‍යන්තර තරගයක් ද ක්‍රීඩා කර නැහැ.
වෙන්දේසියේදී අලෙවි නොවූ ප්‍රධාන ක්‍රීඩකයින් 25 දෙනෙකු හා ඔවුන් ඉදිරිපත් වූ මූලික වටිනාකම් කාණ්ඩය –
- ඩේවිඩ් වෝනර් – INR 2 crore
- ශර්දුල් තාකූර් – INR 2 crore
- ජොනී බෙයාර්ස්ටව් – INR 2 crore
- ඩැරල් මිචෙල් – INR 2 crore
- කේන් විලියම්සන් – INR 2 crore
- මුජිබ් උර් රහ්මාන් – INR 2 crore
- අඩිල් රෂිඩ් – INR 2 crore
- මුස්ටර්ෆිසුර් රහ්මාන් – INR 2 crore
- ස්ටීව් ස්මිත් – INR 2 crore
- අල්සාරී ජෝශප් – INR 2 Crore
- උමේශ් යාදේව් – INR 2 Crore
- එවින් ලුවිස් – INR 2 Crore
- නවීන් උල් හක් – INR 2 Crore
- ගස් ඇට්කින්සන් – INR 2 Crore
- අකීල් හොසේන් – INR 1.5 Crore
- ශේයි හෝප් – INR 1.25 Crore
- සිකන්ඩ රාසා – INR 1.25 Crore
- නන්ඩ්‍රි බර්ගර් – INR 1.25 Crore
- මායන්ක් අගර්වාල් – INR 1 Crore
- පැතුම් නිස්සංක – INR 75 Lakh
- ප්‍රිත්වි ෂෝ – 75 lakh
- ඩිවාල්ඩ් බ්‍රේවිස් – INR 75 Lakh
- බ්‍රෙන්ඩන් කිංග් – INR 75 Lakh
- කේශාව් මහාරාජ් – INR 75 Lakh
- සෆ්‍රාස් කාන් – INR 75 Lakh