IPL වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 12 ක් – පැතුම්ගේ මූලික වටිනාකම මෙන්න

දෙසැම්බර් 16 වැනිදා අබුඩාබිහීදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 350 දෙනෙකු ඉදිරිපත් කෙරෙන බව තරගාවලියේ සංවිධායකයින් අද නිවේදනය කළා.

ඒ, ක්‍රීඩකයින් 1,390 දෙනෙකු වෙන්දේසිය සදහා ලියාපදිංචි වී සිටි පසුබිමකයි.

වෙන්දේසිය සදහා ඉන්දීය ක්‍රීඩකයින් 240 දෙනෙකු ද, විදෙස් ක්‍රීඩකයින් 110 දෙනෙකු ද ඉදිරිපත් කෙරෙනු ඇති.

වෙන්දේසියේදී ක්‍රීඩකයින් 77 දෙනෙකු මිලදී ගැනීම නියමිත අතර, ඊට විදෙස් ක්‍රීඩකයින් 31 දෙනෙකු ද ඇතුළත්.

ඉහළම මූලික වටිනාකමක් හිමි කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩය සදහා මෙවර ක්‍රීඩකයින් 40 දෙනෙකු ඇතුළත්ව සිටිනවා.

වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා ඔවුන්ගේ මූලික වටිනාකම් – (ඉන්දීය රුපියල්)

  1. වනිදු හසරංග – කෝටි 2
  2. මතීෂ පතිරණ – කෝටි 2
  3. මහීෂ් තීක්ෂණ – කෝටි 2
  4. පැතුම් නිස්සංක – ලක්ෂ 75
  5. දසුන් ශානක – ලක්ෂ 75
  6. කුසල් මෙන්ඩිස් – ලක්ෂ 75
  7. කුසල් පෙරේරා – කෝටි 1
  8. විජයකාන්ත් වියස්කාන්ත් – ලක්ෂ 75
  9. චරිත් අසලංක – කෝටි 1
  10. දුනිත් වෙල්ලාලගේ – ලක්ෂ 75
  11. ට්‍රෙවීන් මැතිව් – ලක්ෂ 30
  12. බිනුර ප්‍රනාන්දු – ලක්ෂ 75
big
Comments (0)
Add Comment