IPL පිටියට තරග ගාස්තු හදුන්වා දෙයි – තරගයක් සදහා ක්‍රීඩකයෙකුට හිමි වන මුදල මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2025 අදියරේ සිට ක්‍රීඩකයෙකු සදහා පළමු වරට තරග ගාස්තු ලබා දීමේ ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව එක් තරගයක් වෙනුවෙන් ක්‍රීඩකයෙකුට ඉන්දීය රුපියල් ලක්ෂ 7.5 ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 26.7) තරග ගාස්තු වශයෙන් ගෙවීමට නියමිතයි.

ක්‍රීඩකයෙකු කණ්ඩායමක් සමග ගිවිසුම්ගත වන මුදලට අමතරවයි මෙම තරග ගාස්තු ඔහුට හිමි වන්නේ.

ඒ අනුව එක් තරගාවලියකදී මූලික වටයේ තරග 14 සදහාම ක්‍රීඩකයෙකු ක්‍රීඩා කළහොත් ඔහුට ඉන්දීය රුපියල් කෝටි 1.05 ක තරග ගාස්තු ප්‍රමාණයක් හිමි වනවා.

මෙය Impact Player ඇතුළුව තරගයකට ක්‍රීඩා කරන එක් කණ්ඩායමක ක්‍රීඩකයින් 12 දෙනාටම හිමි වන බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

ඒ අනුව සෑම කණ්ඩායමක්ම තරග ගාස්තු ලෙස එක් තරගාවලියක් වෙනුවෙන් වෙන් කළ යුතු මුදල ඉන්දීය රුපියල් කෝටි 12.60 ක්. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 44.93 ක්.

top
Comments (0)
Add Comment