IPL අවසන් වටයේ තරග කාලසටහන හා ක්‍රීඩාංගන නිවේදනය කෙරේ

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (Playoffs) හා අවසන් මහා තරගයේ කාලසටහන මෙන්ම තරග පැවැත්වෙන ක්‍රීඩාංගන පිළිබද තොරතුරු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද(21) නිවේදනය කළා.

මැයි 23 වැනිදා අවසන් වටයේ තරග ආරම්භ වන අතර, මැයි 28 වැනිදා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

අවසන් වටයේ පළමු තරගය හෙවත් Qualifier 1 තරගය මැයි 23 වැනිදා පැවැත්වෙන්නේ චෙන්නායි හී දී යි.

අවසන් වටය යටතේ පැවැත්වෙන දෙවැනි තරගය හෙවත් Eliminator තරගය මැයි 24 වැනිදා චෙන්නායි හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය අහ්මදාබාද් හී දී මැයි 26 වැනිදා පැවැත්වීමට නියමිත අතර, අවසන් මහා තරගය ද අහ්මදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදීම මැයි 28 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Qualifier 1 තරගය පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් අතරයි.

ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි හා සිව්වැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් අතර Eliminator තරගය පැවැත්වීමට නියමිතයි.

Qualifier 2 තරගය පැවැත්වෙන්නේ Qualifier 1 තරගයෙන් පරාජයට පත් වන කණ්ඩායම හා Eliminator තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අතරයි.

Qualifier 1 තරගය ජය ගන්නා කණ්ඩායම හා Qualifier 2 තරගය ජය ගන්නා කණ්ඩායම අතර අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

big 3
Comments (0)
Add Comment