ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයාගේ හා ස්වාධීන අධ්‍යක්ෂකවරයාගේ ධූර කාලය සංශෝදනය කිරීම සදහා ඩුබායිහී දී පැවැති අයි.සී.සී රැස්වීමේ දී නිල වශයෙන් නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව වර්තමානයේ දී සභාපතිවරයාගේ ධූර කාලය වන වසර දෙකක ධූර කාලය වසර 3ක් දක්වා ඉහළ නැංවීමටයි තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත්, සභාපතිවරයෙකුට එම ධූරය දැරිය හැකි අවස්ථා ගණන තුනේ සිට දෙක දක්වා පහත දැමීමට ද නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව සභාපතිවරයෙකුට වර්තමානයේ පවතින නීතිය අනුව ද උපරිම වශයෙන් ධූරයේ රැදී සිටිය හැකි වසර හයක කාලයක (වසර දෙක බැගින් තෙවරක්) ඉදිරියේ දී ද ඒ ආකාරයෙන්ම (වසර තුන බැගින් දෙවරක්) හිමි වනු ඇති.
අයි.සී.සී නව සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් මීට පෙර නිතරගයෙන් තේරී පත් වූ අතර, ඔහු දෙසැම්බර් පළමු වැනිදා එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.
මේ අතර, 2025-2029 කාලය සදහා වන කාන්තා ජාත්‍යන්තර තරග කාලසටහන (FTP) ඉදිරියේ දි නිවේදනය කිරීමට ද කටයුතු කරන බව අයි.සී.සිය සදහන් කළා.