ICC ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කෙරේ

2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(24) නිවේදනය කළා.

ඒ අනුව ශූරයින්ගේ කුසලාන තරගාවලියේ 9 වැනි අදියර පෙබරවාරි 19 වැනිදා සිට මාර්තු 9 වැනිදා දක්වා දින 19 ක් පුරා පාකිස්තානයේදී හා ඩුබායිහීදී පැවැත්වීමට නියමිතයි.

රටවල් 8 ක් ක්‍රීඩා කරන තරගාවලියට තරග 15 ක් ඇතුළත්. සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිත බවයි අයි.සී.සීය සදහන් කළේ. තරගාවලිය සදහා ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

පාකිස්තානයේදී පැවැත්වෙන තරග රාවල්පින්ඩි, ලාහෝර් හා කරච්චිහීදී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඉන්දියාව ක්‍රීඩා කරන සියලු තරග ඩුබායිහීදී පැවැත්වීමට නියමිතයි.

පළමු අවසන් පූර්ව තරගය ඩුබායිහීදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවහොත් ඔවුන් එම තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

දෙවැනි අවසන් පූර්ව තරගය ලාහෝර්දී පැවැත්වෙන බවත්, ඉන්දියාව සුදුසුකම් නොලැබුවහොත් අවසන් මහා තරගය ද මාර්තු 9 වැනිදා ලාහෝර්දී පැවැත්වීමට නියමිතව ඇති බවත් අයි.සී.සීය සදහන් කළා. ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගය ඩුබායිහීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු අවසන් පූර්ව තරගයට අතිරේක දිනයක් වෙන් කර නොමැති බවට මීට පෙර ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබූ නමුත්, අද නිකුත් කළ නිල තරග කාලසටහන අනුව අවසන් පූර්ව තරග දෙක සදහා හා අවසන් මහා තරගය සදහා අතිරේක දිනය බැගින් යොදා තිබෙනවා.

තරගාවලියේ පළමු තරගය සත්කාරක පාකිස්තානය හා නවසීලන්තය අතර පෙබරවාරි 19 වැනිදා කරච්චිහීදී පැවැත්වීමට නියමිත අතර, බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් ඉන්දු-පාකිස්තාන තරගය පෙබරවාරි 23 වැනිදා ඩුබායිහීදී පැවැත්වීමට නියමිතයි.

Groups:

Group A – Pakistan, India, New Zealand, Bangladesh

Group B – South Africa, Australia, Afghanistan, England

Schedule:

  • 19 February, Pakistan v New Zealand, Karachi, Pakistan
  • 20 February, Bangladesh v India, Dubai
  • 21 February, Afghanistan v South Africa, Karachi, Pakistan
  • 22 February, Australia v England, Lahore, Pakistan
  • 23 February, Pakistan v India, Dubai
  • 24 February, Bangladesh v New Zealand, Rawalpindi, Pakistan
  • 25 February, Australia v South Africa, Rawalpindi, Pakistan
  • 26 February, Afghanistan v England, Lahore, Pakistan
  • 27 February, Pakistan v Bangladesh, Rawalpindi, Pakistan
  • 28 February, Afghanistan v Australia, Lahore, Pakistan
  • 1 March, South Africa v England, Karachi, Pakistan
  • 2 March, New Zealand v India, Dubai
  • 4 March, Semi-final 1, Dubai
  • 5 March, Semi-final 2, Lahore, Pakistan
  • 9 March, Final, Lahore (unless India qualify, when it will be played in Dubai)
  • 10 March, Reserve day
big
Comments (0)
Add Comment