ICC වාර්ෂික සමුළුව කොළඹ දී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) වාර්ෂික සමුළුව කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, සමුළුව පැවැත්වෙන දින සම්බන්ධයෙන් මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

බොහෝ විට වාර්ෂික සමුළුව ජූලි මාසයේ තෙවැනි සතියේ දී පමණ පැවැත්වීමට ඉඩ ඇති බව ද සදහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පසුගිය කාලයේ දී අයි.සී.සීය විසින් පැනවූ තාවකාලික තහනම හේතුවෙන් මෙම සමුළුව ද ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකි වීමේ දැඩි අවධානමක් මතුව තිබුණා.

මෙම වාර්ෂික සමුළුවේ දී ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට ඉඩ පවතිනවා.

එමෙන්ම අයි.සී.සී සභාපතිවරයාගේ ධූර කාලය පිළිබදව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඒ අනුව මේ වන විට පවතින වසර දෙකක ධූර කාලය වසර තුනක් දක්වා දීර්ඝ කිරීමටත්, සභාපතිධූරය දැරිය හැකි වාර ගණන තුනේ සිට දෙක දක්වා අවම කිරීමටත් අවධානය යොමු කරනු ඇති.

Comments (0)
Add Comment